වකුගඩු වල ගල්

බොහෝ වකුගඩු ගල් මුත්‍රා සමග පිට වීමට තරම් කුඩා ප්‍රමානයේ ඒවා වන අතර ඔබට නිවසේදී ම ප්‍රතිකාර ලබා ගැනීමට පුලුවන.

වෛද්‍යවරයාගේ ප්‍රතිකාර

වේදනාව දවස් කිහිපයක් පමණක් පැවතුනත් එය ගල් පහවීමත් සමග නැති වී ගියද කුඩා ප්‍රමානයේ ගල් පවා වේදනාකාරී විය හැක. වෛද්‍යතුමා ඔබේ රෝගී ලක්ෂණ පහ කිරීම සදහා නිර්දේශ කල හැක.

  • දවස පුරා වැඩිපුර දියර පානය
  • අයිබියුප්රොෆෙන්( ibuprofen) වැනි වේදනා නාශක
  • ප්‍රති රෝගී ඖෂධ
  • alpha- blockers - ඇල්ෆා අවහිරක ( ගල් පහ කිරීමට උදව් වන ඖෂධ)

ගල් ඉවත්වී යන තෙක් ලීටර් 3කට පමණ දියර වර්ග සහ වතුර දවස පුරා දිනපතා පානය කරන ලෙස ඔබට උපදෙස් ලැබිය හැකියි.. ඔබගේ ගල් පහවීමට උදව් කිරීමට:

  • වතුර පානය කරන්න, කෝපි සහ තේ වැනි ඒවාද ඇතුළු
  • නැවුම් ලෙමන් යුෂ ඔබේ වතුර වලට එකතු කර ගන්න
  • පැණි බීම වර්ග පානය කිරීමෙන් වැලකීම
  • වැඩිපුර ලුනු ආහාරයට ගැනීමෙන් වැලකීම

ඔබ ප්‍රමාණවත් තරම් වතුර පානය කරන බවට වගබලා ගන්න. ඔබගේ මුත්‍රා අදුරු පැහැති නම්, ඔබ ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්නෙ නැත. ඔබගේ මුත්‍රා ලා පැහැති විය යුතුයි. සමහරවිට දිගටම මෙලෙස දියර වර්ග පානයට සහ නව ගල් ඇති වීම වලක්වා ගැනීම සදහා ඔබට උපදෙස් ලැබිය හැකියි. ඔබගේ වකුගඩු ගල් ඉතා වේදනාවක් ඇති කරන්නේ නම් ඔබගේ වෛද්‍යතුමා පරීක්ෂණ සහ ප්‍රතිකාර සදහා ඔබව රෝහලකට ඇතුලත් කල හැකියි.

විශාල වකුගඩු ගල් සදහා ප්‍රතිකාර

ඔබගේ වකුගඩු ගල් ස්වාභාවිකව පහ වීමට නොහැකි තරම් විශාල නම් ඒවා සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකින් ඉවත් කිරීම සිදු කරනවා. වකුගඩු ගල් ඉවත් කිරීම සදහා ඇති ශල්‍යකර්ම වර්ග:

    • ශොක්වේව් ක්‍රමය (shockwave lithotripsy ) මගින් ගල් කඩා ඉවත් කිරිම
  • යුරීටර්ස්කොපි (ureteroscopy )
  • පර්කියුටේනියස් නෙෆ්‍රොලිතෝටොමි ක්‍රමය (percutaneous nephrolithotomy (PCNL)

ඔබගේ වකුගඩු ගල් වල ප්‍රමාණය සහ ස්ථානය මත සැත්කම් වර්ගය රදා පවතිනවා. ශොක්වේව් ලිතෝට්‍රිප්සි ක්‍රමය - ගල් වල නිසැක ස්ථානය සොයා ගැනීම සදහා අල්ට්‍රාසවුන්ඩ් ( අධි සංක්‍යාත ධ්වනි තරංග) භාවිතා කරනු ලැබේ ඉන්පසුව අති ධ්වනි තරංග, යන්ත්‍රයක් මගින් ගල් වෙතට යවා මුත්‍රා සමග පිට කල හැකි නිසා කුඩා කැබලි වලට කැඩීම් සිදු කරනු ලැබේ. SWL අපහසුකාරී ප්‍රතිකාරයක් විය හැකි අතර එය සාමාන්‍යයෙන් වේදනා මර්ධක ඖෂධ ලබා දීමෙන් පසුව සිදුකරනු ලබනවා. SWL මගින් ඔබේ වකුගඩු ගල් වලට ප්‍රතිකාර සාර්ථක වීමට එකකට වඩා වැඩි වාර ගනනක් එය සිදු කල යුතු විය හැකියි. Ureteroscopy (යුරීටස්කොපි ක්‍රමය )- මෙම ක්‍රමයේදී යුරීටස්කෝප් නම් දිගු සිහින් නාලයක් ඔබේ මුත්‍රා මාර්ගය ඔස්සේ මුත්‍රාශය දක්වා යැවීම සිදු කෙරේ. එය ඉන්පසු මුත්‍රා වාහිනියක්, ඔබගේ වකුගඩු සහ මුත්‍රාශය එකට සම්බන්ධ කරන නාලයක් ඔස්සේ ගමන් කරවනු ලැබේ. ඔබගේ ශල්‍ය වෛද්‍යතුමා වෙනත් උපකරණයක් භාවිතා කිරීමෙන් සූක්ෂම ලෙස ඉවත් කිරීම හෝ ලේසර් ශක්තිය භාවිතා කිරීමෙන් ගල් කුඩා කැබලි වලට කැඩීම සිදු කරනවා එවිට ඒවාට මුත්‍රා සමග ස්වාභාවිකව පහ වීම සිදු විය හැකිය. යුරීටස්කොපි ක්‍රමය සාමාන්‍ය නිර්වින්දන යටතේ ඔබ නින්දේ සිටියදී සිදු කරනු ලබයි. Percutaneous nephrolithotomy (PCNL) (පර්කියුටේනියස් නෙෆ්‍රොලිතෝටොමි ක්‍රමය(PCNL)) PCNL ක්‍රමයේදී නෙෆ්‍රොස්කෝප් නම් සිහින් දුරදක්නයක් වැනි උපකරණයක් භාවිතා කරනු ලැබේ. ඔබේ පසුපසින් ඉතා කුඩා කැපුමක් සිදුකර නෙෆ්‍රොස්කෝප්( nephroscope) (උපකරණය ඒ හරහා ඔබේ වකුගඩු දක්වා ගමන් කරවීම සිදු කෙරේ. ගල් එලියට ඇද ඉවත් කිරීම හෝ කුඩා කැබලි වලට කඩා ඉවත් කිරීම ලේසර් හෝ වාතරෝධක ශක්තිය භාවිතා කිරීමෙන් සිදු කෙරේ. PCNL ක්‍රමය සෑම විටම සාමාන්‍ය නිර්වින්දන යටතේ සිදු කෙරේ.

ප්‍රතිකාර වල සංකූලතා

විශාල වකුගඩු ගල් සදහා කරන ලද ප්‍රතිකාරයකින් අනතුරුව සංකූලතා ඇතිවිය හැකිය. මේවා ඔබගේ ශල්‍ය වෛද්‍යතුමා විසින් ක්‍රියාපටිපාටිය සිදු කිරීමට පෙර පැහැදිලි කල යුතුය. ඇතිවිය හැකි සංකූලතාවන් ඔබට ලබා දෙන ප්‍රතිකාර වර්ගය මත, ඔබගේ වකුගඩු ගල් වල ප්‍රමාණය සහ ස්ථානය මත රදා පවතී . ඇතිවිය හැකි සංකූලතාවන් පහත ඒවාද ඇතුළු:

  • =පැසවීම= රුධිරය හරහා පැතිර යන මුලු ශරීරය පුරාම රෝග ලක්ෂණ ඇති කල හැකි ආසාදන තත්ත්වයක්
  • ගල් කැබලි මගින් මුත්‍රා වාහිනී අවහිර කිරීම සිදු කල හැකියි.(මුත්‍රා වාහිනියක් යනු වකුගඩු සහ මුත්‍රාශය එකට සම්බන්ධ කරන නාලය)
  • මුත්‍රා වාහිනියකට තුවාල සිදුවීමක්
  • මුත්‍රා මාර්ගයේ ආසාදන
  • ශල්‍යකර්මය අතරතුර රුධිරය වහනය
  • වේදනාව